නිසිකලට වැසි ලැබී විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ ජලයෙන් පිරී විදුලිබල උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවත්වන පැන් පූජාව අද (28) සිට හෙට (20)
අනුරාධපුර ශ්‍රී මහා බෝධීන්වහන්සේ අබියසදී පැවැත්වේ .
මෙහිදි බලාගාර ආශ්‍රිත ඡලාශවලින් ලබාගන්නා පැන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කෙරෙන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව අද පස්වරු 3 ට පැන් කළ සහිත රිය පෙරහර ගල්කුලම විහාරස්ථානයට පැමිණෙන අතර එතැන් සිට පැන් කළ රුවන්වැලි සෑයටත් වැඩමකරන අතර පස්වරු 6.30 ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලදී ගිලන්පස පූජාවක් පැවැත්වේ. පස්වරු 7 ට රුවන්මැලි සෑයේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා  පහන් දැල්වීමත් පස්වරු 8.15 ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැන් පූජාවක් සිදුකෙරන බව ලංවිම සිදු කරයි.