සිය කෝටිපති ව්‍යාපාරික සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ කාන්තාවක් පසුගියදා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි කාන්තාවකි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කොට්ටාව විද්‍යාල හන්දියේ ලියනගොඩ පදිංචිව සිටි රෙදිපිළි ව්‍යාපාරිකයෙකු වූ ලලිත් ෆොන්සේකා නමැති 42 හැවිරිදි තිදරු පියෙකි.

මෙම අඹුසැමියන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී ඇති අතර,
නිවසේ පහත මහලේ එම බහින් බස් වීම සිදුවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නොමැති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලීසිය පවසයි.

සැමියා බැණ වදිමින් පහර දෙන්නට වූයෙන් තමා මුළුතැන්ගෙට පැමිණි අවස්ථාවකදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල කළ බව සැකකාරීය පොලීසියට පවසා තිබූ බව පොලිස් නිලධාරියෙකු  පැවසීය.

 සිද්ධියට සම්බන්ධ ලේ තැවරුණු තියුණු ආයුදයද සොයාගත් බව පොලීසිය පවසයි.මෙම අඹු සැමියන් දෙදෙනා අතර, වසර දෙකක පමණ සිට ආරවුල් පැවතී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් කොට්ටාව පොලීසිය වෙත ලැබී තිබුණු බවත්, පොලිස් නිලධාරීයකු පැවසීය. දෙනාගෙන්ම ලද එම පැමිණිලි සමහරක් විභාග කර සමාදාන කළ බවත්, ඇතැම් පැමිණිලි සමථ මණ්ඩල වෙත යොමුකළ බවත් එම පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.‍ෙ

 - බිමල් ශ්‍යාමන් ජයසිංහ -
 - ශාන්ත ප්‍රදීප් කුලරත්න -