පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට
16දා පස්වරුවේ මෙම සිද්ධිය වී ඇති අතර ජාවාරම්කරුවන් පොලිස් විශේෂ කාර්ය බළකායට විරෝධය පෑම සඳහා කාන්තාවන් පිරිසක් ජාවාරම සිදුවන ප්‍රදේශයට එවා තිබේ. ඔවුන් මාර්ග අහුරමින් බාධා සිදුකොට නිලධාරීන්ට පහරදී ඇත. අත් අඩංගුවට ගත් පිරිස අරියාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවද පොලිසිය පවසයි. සැකකරුවන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ සෘජු අධික්ෂණය හා උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරේ.
-චාමර අමරසුරිය-