අද (27) පස්වරුවේ හික්කඩුව දොඩන්දුව පාළම අසල දුම්රිය හරස් මාර්ගයේ දී කාර් රථයක් දුම්රියක ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින්
දොඩන්දූව පාලම අසල හරස් මාර්ගයේදී මෝටර් රථය දුම්රියේ ඇමිණි පාලම උඩ දක්වා තල්ලුවී පාලම මත නතරවී ඇත.මේ හේතුවෙන් කොළඹ මාතර මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබේ.
එම මාර්ගයේ දුම්රිය එන නොඑන බව දක්වන සංඥා එළි දැල්වීමේ දෝෂයක් තිබුණ බවත් අද දහවල් අලුත්වැඩියාවකින්ද එය හරි නොගිය බවත් අසල්වාසීන් දන්වා තිබෙන අතර මෙම අනතුර සිදුව ඇත්තේ මාර්ගයේ සංඥා වැරදියට තේරුම් ගැනීම නිසා බව හඳුනාගෙන තිබේ.