රාත්රි කාලයේ දුම්රිය
මන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියේ ගමන්ගත් කාන්තාවකගේ ගමන් මල්ල මිහින්තලය උපදුම්රිය ස්ථානය අසලදී පැහැරගෙන පලායමින් සිටි මෙම පුද්ගලයා පසුපස එම දුම්රිය ස්ථානයේ සිවිල් ඇඳුමින් සිටි දුම්රිය ආරක්ෂක නිලධාරීන් කිලෝමීටර් බාගයක් පමණ ලුහුබැඳ ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
රාත්රී තැපැල් දුම්රියේ මගීන්ගේ ගමන්මලු මිහින්තලය උපදුම්රිය ස්ථානය හා අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන අතරදී පැහැර ගන්නා බවට ලැබී ඇති පැමිණිලි හා තොරතුරු අනුව සිවිල් ඇඳුමින් යුත් ආරක්ෂික නිලධාරීන් එම දුම්රිය ස්ථානවල රාජකාරීයේ යොදවා ඇතැයිද දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
අත්අඩංගුවටගත් පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර පොලිසියට බාරදී ඇත.
(මහින්ද නිශ්ශංක)