විවිධ ප්රදේශවල පදිංචි, මුස්ලිම් කාන්තාවන් 22 දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් තමා සත්තකයේ තබා ගෙන සිටි පුද්ගලයකු කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්රදේශයේදී පෙරේදා (28දා) කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබ තිබේ.
50 හැවිරිදි පුද්ගලයෙකු
සැකකරු පුත්තලම මිනල්ගුංඩු ප්රදේශයේ පදිංචිකරුවෙකු බවත්, මීට මාස හතරකට ඉහත, සිය දරු පවුලද සමගින්, මෙම නිවසේ පදිංචියට පැමිණ ඇතැයි ඔහුගෙන් සිදු කළ ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයා මෙහි පදිංචියට පැමිණි හේතුව නිශ්චිතවම පැවසීමට අපොහොසත් වු බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්ෂ්මන් රන්වල ආරච්චි මහතා පැවසීය.
එසේම, සිය රැකියාව හෝ මෙම මුස්ලිම් ජාතික කාන්තා හැඳුනුම්පත් එක් රැස් කිරීමේ හේතුවද නිශ්චිතව පැවසීමට ඔහු අපොහොසත් වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප්රශ්න කිරීම සිදු කරන බව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.