විශේෂයෙන් කතා කරන්නට සිදුවන්නේ ඔහුගේ මෘත දේහය ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ සහ ඥාතීන් හට අවසන් ගෞරව කිරීම සදහා නිරාවරණය වන්නේ මරණයෙන් වසර 25 කට පසුව වන බැවිනි.
මිය ගොස් වසර 25 කට පසුව හෝ මවූ බිමේදී සිරුර පොළවට පස් වීමට අවස්ථාව සැලසුණු මයිකල්ගේ උපන් දිනය ලෙස සටහන් වන්නේ 1945 මාර්තු 15 දිනයි. යාපනය චාවකච්චේරිය උපන්ගම කරගත් මයිකල්ගේ පවුලේ සහෝදර සහෝදරියන් සංඛ්‍යාව නමයකි. මයිකල් පවුලේ වැඩිමලා ය. මයිකල් දැනුම් තේරුම් වයසට එළඹෙද්දී ඔහුගේ මවගේ මරණය සිදුවිය. ඒත් සමග පවුලේ වැඩිමලා වූ මයිකල් පවුලේ වගකීම පැටවිණි. නිසි කල වයසට පැමිණීමෙන් පසුව මයිකල් විවාහ වන්නේ යාපනයේ ම පදිංචිකාරියක වන මේරි ඇග්නස් සමඟිනි. මේරි ඇග්නස් මයිකල්ට වඩා වයසින් වසර නමයක් බාල ය. මයිකල් හා මේරි සැබවින් ම ආදර්ශවත් යුග දිවිය යක් ගත කළෝ ය. ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකි.
යන දියණියන් දෙදෙනා හා ජුඩිසන් යන එකම පුතුයි. මයිකල් යුවළ සිය දරු පවුලේ කටයුතු කරන අතරේම සෙසු සහෝදර සහෝදරියන්ගේ දුක සැප ද බැලු වෝය.
මේ අතර මයිකල්ගෙ බිරිය මේරි ඇනස්ගේ සහෝදරයෙකු විදේශගත වී ඉතාලියේ රැකියාවක් කරමින් සිටියේ ය. පසුව ඔහුගේ උදව් උපකාරයෙන් මයිකල්ට ද ඉතාලි යෑමට වාසනාව පෑදිණ. සිය බිරිය හා දරුවන් තිදෙනා තනිකර විදේශගත වීමට මයිකල් මුලින්ම අකමැති වුව ද අවසානයේදී ඉතාලි යට යෑමට තීරණය කරන්නේ “ලංකාවේ හිටියොත් අපිට වගේ ම දරුවන්ටත් දුක් විඳින්න තමයි වෙන්නෙ " යැයි කියමිනි.
1983 මාර්තු 02 දා ශ්‍රී ලංකාවට ආයුබෝවන් කියූ මයිකල් ඉතාලිය බලා පිටත්විය. ඒ වනවිට මයිකල්ගෙ දරුවන් තිදෙනා වයස අවුරුදු 7, 5 හා 3 වශයෙන් විය. මයිකල් ඉතාලියේ රැකියා ස්ථානය වූයේ මගී ප්‍රවාහන නෞකාවකි. මයිකල්ගේ අතමිට සරුවිය. ලැබෙන මුදල් යාපනයේ සිටින බිරිය හා දරුවන් වෙනුවෙන් වියදම් කළේ ය. ඒ අතර ඔහු යාපනයේ සිටි සහෝදරයන් දෙදෙනෙකු හා සහෝදරියන් දෙදෙනෙකු ද ඉතාලියට ගෙන්වා ගත්තේ ය.
ඉතාලි ගොස් වසර දෙකකට පසු මුල් වරට ලංකාවට පැමිණි මයිකල් පසුව සෑම වසරකම නිවාඩුවට ලංකාවට ඒම පුරුද්දක් කර ගත්තේ ය. ඔහු සේවය කළ නෞකාව දීය ගමනක් අවසන් කිරිමෙන් පසුව ලැබෙන මාස දෙකක පමණ නිවාඩුවේදී ඔහු ලංකාවට ආවේය. එලෙස ඔහු අවසාන වරට ලංකාවට පැමිණෙන්නේ 1994 ජනවාරියේය. අනතුරුව සිදුවූ දේ විස්තර කළේ මයිකල්ගෙ දෙවන දියණිය වන දර්ශනී ටේන් (40) ය.
" තාත්තා ලංකාවෙන් යද්දී මම හරි පොඩියි. නමුත් තාත්තා අවුරුද්දකට සැරයක් ලංකාවට ආවා. ඒ දවස වෙනකම් අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ. අන්තිමට ම ලංකාවට ආවේ 1994 ජනවාරියේ. ඒ ඇවිත් මාස හතරක් විතර
හිටියා. ඒ වෙද්දී තාත්තා වැඩ කළේ හොටෙල් එකක. 1994 මැයි 14 දා නිවාඩු ඉවර වෙලා ආපහු ඉතාලියට ගියා. එහෙම ගිහින් සති දෙකකට විතර පස්සෙ අපේ ඥාතියෙක් ඇවිත්, බීබීසී දෙමළ ප්‍රවෘත්තිවලින් අපේ තාත්තාගෙ නම කීවා. ඒ කීව විදිහට තාත්තා හදිසියේ ම මිය ගිහින් කියලා කිව්වා.
ඒ වෙද්දී යාපනයේ සිට පිටරටට දුරකථන පහසුකම් නැහැ. ලියුම් නම් පරක්කුවෙලා එනවා. ඒ නිසා ජාත්‍යන්තර රතු කුරුසය මාර්ගයෙන් විස්තර දැන ගත්තා. එයාලා කියපු විදිහට ලංකාවෙ ඉඳලා යද්දීම තාත්තාට උණ හැදිලා. මැලේරියා උණ කියලා තමයි කියනෙ. ඒ එක්කම හැදුණු හෘදයාබාධය කින් 1994 මැයි 24 දා මිය ගිහින් තියෙනවා.
මේ විස්තර අපි දැන ගත්තේ ඉතාලියේ හිටපු අපේ මාමාගෙන්. කොහොම වුණත් එදා තිබුණු තත්ත්වය අනුව අපට අඩනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
එම කාල වකවානුව වන විට වවුනියාවේ තාණ්ඩික්කුලම වවුනියාව නගරයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරින් පිහිටි ගමක අන්තිම හමුදා මුරපොළ පිහිටා තිබිණි. එයින් ඔබට පිහිටියේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයයි. මුලතිව්, අලිමංකඩ, කරෙයිනගර්, පලාලි, යාපං නය දූපත් ප්‍රදේශවල හුදකලා හමුදා කඳවුරු පිහිටා තිබිණි.
වවුනියාවේ සිට දැඩි බාධක මධ්‍යයේ කිලිනොච්චිය ප්‍රදේශයට ගොඩබිම් මාර්ග තිබුණ ද යාපනය අර්ධද්වීපයට ඇතුළු වීම සඳහා මාර්ගයක් නොතිබිණි. එම නිසා යාපනය වැසියන්ට දකුණට පැමිණිමට තිබූ එකම ප්‍රවාහන මාධ්‍යය වූයේ ගුවනින් හෝ නෞකා මාර්ගයෙනි. එම ප්‍රවාහන මාධ්‍ය දෙකම පැවතියේ රජයේ ආරක්ෂක අංශ සතුවය. පැවැති ආරක්ෂක තත්වය හමුවේ සාමාන්‍ය වැසියන්ට එම ප්‍රවාහන මාධ්‍ය මාර්ගයෙන් යාපනයේ සිට දකුණට හෝ දකුණේ සිට යාපනයට ගමන් කරනවා යනු ඉතා වෙහෙසකර කටයුත්තක් විය.
දෙමළ ජාතිකයෙකු යාපනයේ සිට කොළඹට පැමිණීම
ඒ අනුව ඉතාලියේ පිහිටි සුප්‍රකට අවමංගල්‍ය සමාගමකට මෘත දේහය බාර කෙරිණ. එම සමාගම සමඟ ගිවිසුමක් ද අත්සන් කෙරිණි. එම එකගතා ගිවිසුම අනුව උපරිම වසර විසි පහක කාලයක් මෘත දේහයට හානි නොවන ලෙස නඩත්තු කර තබා ගත යුතුවේ. ඒ අතර ඕනෑම දිනයක භාරකරුවන්ට මෘත
දේහය රැගෙන යා හැකි ය. සමාගම සතුව මෘත දේහය තිබිය ද මෘතදේහය සහිත දෙන නැරඹිය හැකි වුව ද දෙන විවෘත කර මෘත දේහය බැලිය නොහැක. මෘත දේහය ආරක්ෂා කිරිම සඳහා ගෑස් (වායු) විශේෂයක් භාවිතා කර තිබෙන අතර අදාළ සමාගම ප්‍රකාශ කර ඇත්තේ දෙන (මිනි පෙට්ටිය) විවෘත කිරිමෙන් වායු සංයුතිය වෙනස් වී මෘත දේහයට හානි විය හැකි බවයි. එම නිසා දෙන විවෘත කිරීමෙන් පසු කල් තබා ගැනීමේ වගකීම් සහතිකය ද අහෝසිවේ.
මේ නිසා මීට වසර කිහිපයකට පෙර මයිකල්ගෙ බිරිය මේරි ඇග්නස් හා ජූසන් ඉතාලියට ගොස් මෘත දේහය සහිත දෙනට ආචාර කර ඡායාරූප ද ගෙන පැමිණියහ. මේ අතර 2009 දී දශක තුනක් පුරා ඇදී ගිය යුද්ධය අවසන් විය. සාමය උදාවීමත් සමඟ එතෙක් දැඩි ලෙස ක්‍රියාත්මක වූ ආරක්ෂක බාධක ද ඉවත් කෙරිණ. වසා දමා තිබූ මාර්ග විවෘත වී උතුරේ ප්‍රවාහන පද්ධතිය ද රටේ සෙසු ප්‍රදේශ මෙන් සාමාන්‍ය තත්වයට පත්විය.
ඒ නිසා මයිකල්ගේ මෘත දේහය ලංකාවට රැගෙන ඒමට තිබූ බාධක ද ඉවත් විය. නමුත් මයිකල්ගේ මෘත දේහය රැගෙන එනු ලැබුවේ යුද්ධය අවසන් වීමෙන් වසර 10 ට පසුවය. මීට නිශ්චිත හේතුවක් මයිකල්ගේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ ද නැත. නමුත් සැබෑ කථාන්තරය නම් මෘතදේහය රැගෙන ඒමට වසර 10 ක් ප්‍රමාද වී ඇ ත්තේ දරුවන් හා බිරිය මයිකල් කෙරේ බැදී තිබූ දැඩි සෙනෙහසයි. මනුෂ්‍ය ස්වභාවය අනුව මයිකල් මිය ගිය ද මයිකල්ගේ මෘත දේහය ආරක්ෂක්ෂාවී තිබීම නිසා තම පියා තවම සිටිතැයි සිතා අස්වැසිල්ලක් ඔවුහු ලැබූහ.
ඒ නිසා වසර 10 කට කලින් පියා පොළවට පස් කිරීමට ඔවුහු අකමැති වූහ. නමුත් කිසිදා කිසි දෙයක් සදාකාලික නොමැති බව ප්‍රත්‍යක්ෂ කරමින් පසුගිය දින්නෙක ඉතාලි අවමංගල්‍ය සමාගම මයිකල්ගෙ ඥාතීන්ට දැනුම්දෙනු ලැබුවේ ගිවිසුම් කාලය අවසාන වන බැවින් මෘත දේහය පිළිබඳ තීරණයක් ගන්නා ලෙසයි.
ඒ අනුව ඥාතීන් එක්ව මයිකල්ගේ දේහය ලංකාවට රැගෙන ඒමට කටයුතු කළේය. ඉකුත් අප්‍රේල් 05 දා දේහය ගුවන් මගින් ලංකාවට රැගෙන එනු ලැබූ අතර එය ඥාතීන්ගේ භාරයට ගන්නා ලද්දේ 06 දාය. එදිනට යාපනයට රැගෙන යනු ලැබූ දේහය අවසන් ගෞරව දැක්වීම සදහා ෂන්මගම් වීදිය, සංතානෙයි. චාවකච්චේරිය යන ලිපිනයේ පිහිටි ෂන්මුගට අයත් නිවෙසේ තැත්පත් කෙරිණ. අවමංගල්‍ය උත්සවය සදහා සහභාගි වූයේ පවුලේ ඥාතීන් පමණි. අවසන් කයුතු අප්‍රේල් 07 දා චාවකච්චේරිය කතෝලික දේවස්ථානයේදී කතෝලික ආගමික වතාවත් අනුව සිදු කෙරිණ.
මයිකගේ බිරිය මේරි ඇග්නස් (65) අවසාන වශයෙන් අදහස් දක්වමින්, “මහත්තයා නැති වුණේ අවුරුදු 49 දී එතකොට ලොකු දුව අධ්‍යාපනය අවසන් කරලා. දෙවැනි දුව විද්‍යා අංශයෙන් උසස් පෙළ ඉගෙන ගන්නවා. පුතාත් ඉගෙන ගන්නවා. ඒ වෙනකම් මහත්තයා හොදින් මටයි දරුවන්ටයි සැලකුවා. එයා මැරුණත් එයාගෙ ආශිර්වාදය අපට තිබුණා. ලොකු දුවගේ පදිංචිය කැනඩාවේ, පුතා ලන්ඩනයේ. නමුත් ඥාති දරුවො සේරම ආවා. අවසාන වශයෙන් දරුවොත් පියාට තමන්ගේ යුතුකම ඉටු කළා" යැයි පැවසුවාය.
සටහන - එස් ප්‍රියන්ත