අප්‍රේල් 11 වැනිදා සිට 16 වැනිදා පෙරවරු 6.00 දක්වා කාලය තුළ පොලිසිය විසින් සිදුකළ වැටලීම්වලදී
රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්
34,980කට අදාළව නඩු පැවරූ බව ඊයේ (16)  කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙසේ නඩු පැවරු පුද්ගලයන් අතර බීමත් රියදුරන් 1,270ක් සිටිති.

එසේම අලුත් අවුරුද්ද උදාවූ 13 සහ 14 යන දින දෙකේ පමණක් බීමත් රියදුරන් 237ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන සම්බන්ධ නඩු 6,651ක්ද පවරා තිබේ. එසේම පෙරේදා (15) සහ ඊයේ (16) යන දින දෙක තුළ සිදුකළ පොලිස් මෙහෙයුම් වලදී බීමත් රියදුරන් 329 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරන් 5,519කට එරෙහිව රථවාහන නඩු පවරා තිබේ.

-දිනුක මලින්ද හේරත්-