පරිමාණ බද්දකට අවුරුදු 30 ක කාලයකට බදුදී ඇතැයි කියන සිද්ධියක් මෙවර ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් හෙලි කර තිබේ.
මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මාස 7කට සහ 2015 අගෝස්තු මැතිවරණයෙන් මසකට පසුව මෙසේ බදු දී ඇත්තේ කඳපොල පිහිටි මහකුඩුගල නමැති තේ වත්තය. අක්කර 450කින්
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ මෙම තේ වත්ත මතුරට වැවිලි සමාගමට කලින් ලබා දී තිබූ අතර ජෙෆ්රි ඇලෝසියස් මෙම තේ වත්ත එම සමාගමෙන් බද්දට ලබාගෙන ඇතැයි කියති.
අලුතින් බදු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ජෙෆ්රි ඇලෝසියගේ සභාපතිත්වයෙන් සෙරන්ඩිසිටි ප්ලාස්ටේෂන්ස් නමින් අලුතින් සමාගමක්ද පිහිටුවාගෙන ඇතැයි පැවසේ.
මෙම තේ වත්තේ බංගලා දෙකක්, වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක නිවාස සහ මාතෘ නිවාසයක් ද තිබෙන අතර ඉතා වටිනා ගස් 19,000ක්ද එහි ඇතැයි වාර්තා වේ.
පරිපවුල්වෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියන් මහතා මහ බැංකු බැඳුමිකර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.