2008දි පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පුද්ගලයකු නීති විරෝධි ලෙස පැහැරගෙන ගොස් දින කිහිපයක් රඳවා තබාගෙන වධ හිංසා පමුණුවමින් ඔහු අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මන්නාරම ප්‍රදේශය
භාර සහකාර පොලිස් අධිකාරි උපුල් දයාප්‍රිය අලවත්ත (47)
එකී සහකාර පොලිස් අධිකාරිවරයා 2008 වසරේ පිළියන්දල පොලිසියේ වැඩ බලන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වශයෙන් කටයුතු කරමින් සිටින අතරතුර මුදල් වංචා සිද්ධියක් සම්බන්ධයෙන්ම පිළියන්දල මඩපාත ප්‍රදේශයේ අජිත් සුනන්ද කණ්ඩම්බි නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නීති විරෝධි ලෙස රඳවා තබා ගනිමින් වධ හිංසා පමුණුවා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා 2008-12-31 දින අතුරුදන්ව ඇති බවත් එකී සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයා එසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරිවරයා අද (2දා) පෙරවරුවේ කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද අනාවරණය කෙරිණි.
-චාමර අමරසුරිය