බෝලයක් යැයි සිතා බෝම්බයකින් සෙල්ලම් කළ පාසල් දරුවකු බෝම්බය පුපුරා යාමෙන් ඊයේ (09) උදෑසන බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව යාපනය අච්චුවේලි පොලීසිය පවසයි. අනතුරින් තුවාල ලබා
ඇත්තේ, 14 හැවිරිදි පාසල් දරුවකි.
යාපනය, පුන්තූර් නිලාවරෙයි ප්රදේශයේ අතහැර දැමූ ඉඩමක තිබූ රවුම් බෝලයක් වැනි යමක් දැක මෙම බෝලය වැනි උපකරණය සමග සෙල්ලම් කළ දරුවෙකු බෝලයක් යැයි සිතා බෝම්බය බිම දමා ගැසීමෙන් බෝම්බය පත්තු වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
තුවාල ලැබූ දරුවා යාපනය, අච්චුවේලි රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතළ තත්වයෙන් පසුවන දරුවා අනතුරුව යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. යුද සමයේ අච්චුවේලි ප්රදේශයන්ගේ යුද ගැටුම් බහුලව පැවැති අතර, යුද සමයේ අදාළ ප්රදේශයේ ඉඩම් රැසක් අතහැරදමා තිබුණු අතරම කොටි සංවිධානය විසින් අතහැර දමා ගිය මර උගුල් බෝම්බයක් මෙසේ පුපුරා යන්නට ඇති බවට පරීක්ෂණ සිදු කළ අච්චුවේලි පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
- මධුෂංඛ අමරසිංහ -