ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම් සිදුවීම් වලින් අනතුරුව පැනවුණ
පොලිස් ඇඳිරිනීතිය අද 22 සඳුදා උදෑසන 6 ට අවසන් කළ බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය උදේ 5.40 ට පමණ නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ විය. ඇඳිරි නීතිය යළි පැනවෙනු ඇතැයි ආරංචි පළවුවද එම නිවේදනයේ ඒ ගැන සඳහන් වී නැත.
ඇඳිරි නීති තත්වය උදේ දක්වා පැවතීම හේතුවෙන් ප්‍රවාහන මාධ්‍ය ක්‍රියාකාරීත්වය අවම වීම මත අද සඳුදා කාර්යාල කටයුතු නිසි ආකාරයට සිදු නොවනු ඇතැයි වාර්තා පළව තිබේ.