විදුලිය අර්බුදය විසදීමේ අරමුණින් මෙගාවොට් 100 ක ධාරිතාවක් හදිසියේ මිලදී ගැනීමට පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි ලංවිම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇට්රිකෝ, වී පවර් සහ අල්ටාස් ඕල්ඩනේටිව්
මෙම ආයතනවලින් මාස 6ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලිය ඒකකයකට මණ්ඩලය රුපියල් 28ත් 30ත් අතර මුදලක් ගෙවීමට නියමිත බවද පැවසේ. එම සම්මාගමිවලින් එලෙස විදුලිය මිලදී ගැනීමත් සමග රටපුරා අඛණ්ඩ විදුලිය සැපයීමක් ලබාදිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
මේ අතර පෞද්ගලික ආයතන ඒවායේ අවශ්‍යතා සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිත කරන්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලය එම ආයතනවලට ඒකකයකට රුපියල් 36 බැගින් ගෙවීමටද පියවර ගෙන ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ සූර්ය තාප බලාගාරවලින් විදුලිය ඒකකයක් රුපියල් 16 බැගින් මිලදී ගැනීමට ද ලංවිම තීරණය කර තිබේ.
-රංජන් කස්තුරි-