අමාක් පුවත් සේවය උපුටා ගනිමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ අයිඑස් සාමාජිකයින් තිදෙනෙකු අදාළ ප්‍රහාරය සිදුකර ඇති බවත්
එහිදි පොලිස් නිලධාරින් 17 දෙනෙකු තුවාල ලබන්නට හෝ මියයන්ට ඇති බවත්ය. මේ ගැන කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැති බවද රොයිටර් වාර්තා කර ඇත.
ඔවුන් එසේ පැවසුවත් මෙම ප්‍රහාරයේ දී කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ ආරක්ෂක අංශ සාමාජිකයෙකු තුවාල ලබා හෝ මියගොස් නොමැති බව
ඒ අනුව කල්මුනේ ගැටුම අසාර්ථකවීමෙන් පසු අයිඑස් සංවිධානය ලෝකය නොමග යැවීමට ව්‍යාජ නිවේදනයක් නිකුත් කර ඇති බව හඳුනාගන්නට ලැබේ.
මේ අතර 'අයිඑස් ප්‍රහාරවල අවසානය මෙය නොවේ' යයි කියන ව්‍යාජ පොස්ටුවක්ද අයිඑස් හිතවාදීන් හෝ වෙනත් කිසියම් පාර්ශ්වයක් මගින් සමාජ මාධ්‍ය තුළ පතුරුවා හැර ඇති බවට තොරතුරු ලැබී තිබේ.
පහත පළවන්නේ අරාබි බසින් තනි පිටුවකින් නිකුත් කළ අමාක් පුවත් නිවේදනය හා රොයිටර් වාර්තාවයි.
ගිනිගත් වෑන් රථය අසළ වැටී පිළිස්සීගිය මරාගෙන මැරුණ සාමාජිකයාගේ දේහය පහළම ඡායාරූපයෙන් හඳුනාගත හැකිය.