ජනාධිපති සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට පැවැති බව කියන කුමන්ත‍්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුතු වන නදීමාල්  පෙරේරාගෙන්  පසුගිය 18 වැනිදා ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.



මෙම කුමන්ත‍්‍රණ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවකු බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමග ගායන ශිල්පි අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා සමීප මිත‍්‍රත්වයක් පවත්වා ඇතැයි විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීප මිතුරන් බව ද මේ වනවිට හෙළිව ඇත.

 මෙම ඝාතන කුමන්ත‍්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක මධුෂ්ගේ නම ද අවස්ථා කීපයකදී කියැවී තිබිණි.

 මාකඳුරේ මධුෂ් සහ ගායන ශිල්පී අමල් පෙරේරා අතර පැවති සම්බන්ධතාව පිළිබඳව තොරතුරු හෙළි කර ගැනීම සඳහා නදීමාල් පෙරේරා ගෙන් ප‍්‍රශ්න කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

 පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා මේ වන විට ඩුබායි පොලිසියේ රඳවා සිටිති.

හේමන්ත රන්දුණු