
අද (16) ප්‍රංශ වේලාවෙන් සවස 6.30 ට පමණ ඇති වූ හදිසි ගිනි ගැනීමක් නිසා ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝක උරුමයක් වූ Notre- Dame කතෝලික දේවස්ථාන කුළුණ ගිනිගෙන විනාශවී තිබේ.
මෙම ස්ථානයේ
පැරිසියේ අයිෆල් කුලුණ තරමට ප්‍රකට Notre- Dame ගොතික් යුගයට අයත් වසර 850 ක් පමණ පැරණි ගොඩනැගිල්ලකි. ගින්න නිසා ප්‍රධාන කුළුණ විනාශ වුවද එහි ආකෘතිය ඉතිරිවී ඇති අතර දෙපස පිහිටි බෙල් කුළුණු දෙකද ආරක්ෂිත විය.
ගින්න පැතිරෙන අතරවාරයේ ඒ තුළ තිබුන සිතුවම් , ඉපැරණි ප්‍රතිමා , විදුරු කැටයම් ආදිය ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු කර තිබුණි.
500 කට අධික ගිනිනිවන නිලධාරීන් පිරිසක් මෙම ගින්න මැඩපැවැත්වීමට යුහුසුළු විය.




