පාස්කු ඉරිදා ප්රහාරයෙන් සතියක් ගෙවුණ අද දින උදෑසන අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන්
විශේෂ දේව මෙහෙයක්
පැවැත්වූ අතර එම අවස්ථාවට ජනපති අගමැති විපක්ෂ නායක ඇතුලු මැතිඇමතිවරුන්ද එක් විය.අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය 253 කට වැඩි පිරිස වෙනුවෙන් ඔවුන් යාඥා කරන ලදි.
මෙම විශේෂ ඉරුදින දේව මෙහෙය රූපවාහිනී නාලිකා ඔස්සේද සජීවීව විකාශය විය.
පාස්කු ඉරිදා ප්රහාරයෙන් මියගිය ජනතාව සිහි කරමින් ඔවුන්ට පිං පිණිස මතක වස්ත්ර පූජා කිරීමේ පිංකමක් දඅද උදෑසන 8.00 කිංග්ස්බරි හෝටල් පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතය.