https://www.gossiplankanews.com/2019/04/ranil-cardinal.html
ගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන්කර තිබෙන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක්
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ගමන් බිමන් වෙනුවෙන් වහාම ලබාදීමට අග්‍රාමාත්‍යවරයා ඊයේ (29) පියවර ගන්නා බව දන්වා තිබූ කමුත් අද වාර්තා වූයේ

අගරදගුරුතුමන් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාවලට එල්ල වූ මරාගෙන  මැරෙන ප්‍රහාරයෙන් පසුව කාදිනල්තුමන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වෙඩි නොවදින රථය ලබාදීමට පියවර ගත් බව  අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා තිබුණි.
රටේ ආරක්ෂක තත්වය තහවුරු වනතුරු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉතාම පළපුරුදු රියැදුරකු ද සමග වෙඩි නොවදින මෝටර් රථය කාදිනල්තුමන්ගේ ගමන් බිමන් සඳහා යොදවන බව ද අරලියගහ මන්දිර ප්‍රකාශකයෙකු දන්වා තිබූ නමුත් අද අගරදගුරු තුමන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී දන්වා සිටියේ ඒ බව තමන් වහන්සේට දන්වා සිටි අවස්ථාවේ එවැන්නක් අවශ්‍ය නැති බවට දන්වා සිටි බවයි.