අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පානය සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ අගමැති කාර්යාලයට ගෙනවිත් තිබූ සිසිල් බිම බෝතලයක ගෝස් කැබැල්ලක් තිබී එහි සේවකයන්ට හමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම ගෝස් කැබැල්ල හමුවී ඇත්තේ
අගමැතිවරයාගේ පානය සඳහා ගෙනවිත් තිබු සිසිල් බීම බෝතලයක තිබියදී යැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙය කිසිවකු විසින් හෝ හිතාමතා කළ වැඩක් දැයි සැකයක් මතු වී තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා සැකකටයුතු බිම බෝතලය වැලිකඩ පොලිසියට බාරදී ඇති බවත් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බාරව කටයුතු කරන වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ මෙවැනි සැකකටයුතු බීම බෝතලයක් හොයාගෙන වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා එය පොලිසියට බාර දී තිබෙන බවයි.

ඒ පිළිබඳව පොලිසියෙන් වාර්තාවක් තමාට තවමත් ලැබි නැතැයිද වේත්‍රධාරිවරයා කීය.


-සුජිත් හේවාපුලිගේ සහ ආරියරත්න රණබාහු-