හික්ෂූන් වහන්සේලාගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා භික්ෂු රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට බුද්ධශාසන  අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ජුනි මස අග හෝ ජූලි මුල් සතියේ මෙම රක්ෂණ ක්‍රමය  ආරම්භ කෙරෙන බව
බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා
මහතා ඊයේ (27)මල්වතු, අස්ගිරි හා රාමාඤ්ඤ නිකායන්ගේ මහානාහිමිවරුන් දැනුවත් කිරීම සදහා මහනුවරට පැමිණි අවස්ථාවේදී පැවසීය.  මෙම ක්‍රමය හරහා රුපියල් ලක්ෂ දහය දක්වා භික්ෂු ප්‍රතිකාර සදහා රක්ෂණය ලබාදෙන බවත් එමගින්
අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රෝහල් ගත විය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මෙම රක්ෂණ ක්‍රමය  තුළින් ගිලන් වන භික්ෂුන් වහන්සේ නමකට දෛනික ප්‍රතිකාර කටයුතු සදහා දෛනිකව රුපියල් තුන්දහස් පන්සියයක මුදලක් ලබා දෙන බවත් ඈත ප්‍රදේශයන්හි භික්ෂුන් වහන්සේලාට එම මුදල ආසන්නම තැපැල්  කාර්යාලයෙන් ලබාගත හැකි බවත් හෙතෙම පැවසීය. මෙම රක්ෂණ ක්‍රමය වෙනම පාලක මණ්ඩලයක් හරහා ක්‍රියාත්මක වන බවත් රක්ෂණ සමාගම් සදහා මෙමගින්  අනවශ්‍ය ලෙස මුදල් බැර නොකෙරන බවත් ඒ මහතා පැවසීය.

-ඉන්දික පොල්කොටුව-