ආරක්ෂක විධිවිධාන තරවී තිබේ.
කෙසේ වෙතත් අද දින පාසල්වල සිසුන්ගේ පැමිණීම දුර්වල මට්ටමක පවතින බව මේ වනවිට ලැබෙන ආරංචි හෙළි කරයි.
එසේම රජයේ පාසල් අවට හා ජාත්‍යන්තර පාසල් අවටද විශේෂ ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කර තිබෙනු වාර්තා වේ. කොළඹ නගරය වෙනදා තිබෙන මාර්ග තදබදයෙන් තොරවී ගොස් ඇති අතර පාළු ස්වරූපයක් දිස්වේ. කාර්යාලවල කටයුතු මේ වනවිට ඇරඹෙමින් පවතින නමුත් පැමිණීම අඩු බවට වාර්තා තිබේ.
ලිපියේ සඳහන් ස්ථාන වූයේ වැල්ලවත්ත,නාවල,පංචිකාවත්ත හා කොටුව දුම්රිය ස්ථානයයි.
කෙසේ වෙතත් එම ස්ථානවලින් කිසිදු සැකකටයුතු දෙයක් මේ වනතුරු වාර්තාවී නැත.





