ඒ අනුව අද රාත්‍රී 12 සිට තවත්
තමන් සතුව ඇති සියලුම නීති විරෝධි ආයුධ මැයි මස 04 සහ 05 දෙදින තුළ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාර දෙන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඒ අනුව, කඩු , කිනිසි, උල් පිහි වැනි ආයුද නීති විරෝධිව තමන් සංතකයේ ඇත්නම් වහාම එම ආයුධ ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දෙන ලෙස පොලීසිය සඳහන් කළේය.
පසුගිය දින කිහිපය පුරාත් අද දිනයේත් සිදු කල සෝදිසි මෙහෙයුම්වලදී මෙවැනි නීති විරෝධි ආයුධ රැසක් සොයා ගැනීමට ආරක්ෂක අංශයන්ට හැකියාව ලැබුණි.
අප්‍රේල් මස 21 වන දින දිවයින පුරා සිදුවු බෝම්බ පිපිරීම් සමඟ රට පුරා මෙවැනි සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.
මේ හේතුවෙන් නීති විරෝධිව තමා සන්තකයේ ඇති ආයුධ පොලිස් ස්ථානයන්ට බාර දීමට කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවට දන්වා සිටියේය.