කාන්තාවන් භාවිතා කරන සුදු පැහැති සායන් 60ක් පමණක් අළෙවියට රැගෙනගිය බව කියන විදේශයක සිට මේ රටට පැමිණි මුස්ලිම් ජාතිකයකු හා තවත් අයෙකු සුදු සායන් හැටක ප්‍රමාණයක් වෑන් රථයකින් ප්‍රවාහනය
කරමින් සිටියදී පෙරේදා (01දා) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිස් රථවාහන අංශය පවසයි.
සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරික්ෂණ සදහා අපරාධ විමර්ශන අංශයට භාරදී තිබේ.
කළු පැහැති වෑන් රථයක් අනුරාධපුර
තවුහීද් ජමාත් ත්‍රස්ත සංවිධානය බෞද්ධ විහාරස්ථානවලට ප්‍රහාරයක් එල්ලකිරීමට සුදානම්ව ඇති බවට පසුගිය සති කිහිපයේ තොරතුරු අනාවරණය වීම හා බුර්කාවෙන් සැරසුණු මුස්ලිම් කාන්තාවන් පිරිසක් සුදු පැහැති ඇඳුම් විශාල ප්‍රමාණයක් එක්වර මිලදී ගැනීමේ සිද්ධිය පොලීසියට අනාවරණය වීමත් සමග වෑන් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිස් නිලධාරියාට දැඩි සැකයක් ඇතිවී තිබුණි.
සැකකරුවන් පැමිණි වැන් රථය, පුපුරන ද්‍රව්‍ය සෙවීම සඳහා පුහුණු පුරුදුකර සිටින නිල සුනඛයාගේ සහාය ඇතිව පොලිස්ථානය තුළදී පරීක්ෂාවට ලක්කළද එහි වෙනත් කිසිදු සැකකටයුතු ද්‍රව්‍යක් හමුනොවු බව පොලීසිය සදහන් කරයි.
අනුරාධපුර නගරයේ රෙදිපිළි අලෙවි සැලට දැමූ නිමි ඇඳුම්වල මුදල් එක්කාසු කිරීමට පැමිණි අවස්ථාවේ සායන් අලෙවියට රැගෙන ආ බවත් පොලීසියට පවසා තිබේ.
මුස්ලිම් ජාතිකයන් දෙදෙනා සත්තකයේ තිබී රුපියල් හාර ලක්ෂයක පමණ චෙක්පත් තිබී හමුවූ බවත් ඔවුන් නිමි ඇඳුම් අලෙවි කළ බව කියන මුස්ලිම් කඩ කිහිපයක හිමිකරුවන් පොලීසියට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් නිමි ඇඳුම් වෙළඳුන් බව පවසා තිබේ.
සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.