ඒ විස්තර අනුව මේ දක්වා ප්‍රසිද්ධ නොවූ කිහිප දෙනෙකුගේ ඡායාරූපද තිබේ.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබූ බෝම්බකරු මට්ටක්කුලිය මධ්‍යම පාරේ පදිංචි අලාහුදින් අහමඩ් මුවාත් ලෙස හදුනාගෙන ඇති අතර
එම ප්‍රහාරය සදහා ආධාර අනුබල දීමේ චෝදනාවට ඔහුගේ සොහොයුරා දැනට අත්අඩංගුවේ පසුවේ.
කෙසේ වෙතත් සිකුරාදා කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සමග ඇතිවූ ගැටුමේදී නිවස තුල සිදුවූ පිපිරීමෙන් මේ කියන සාරා මිය යන්නට ඇති බවට සැකයක් පවතී.
කොළඹ කිංග්ස්බරි හෝටලයට ප්‍රහාර එල්ල කල බෝම්බකරු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුගේ බිරිද මේ වන විට අත්අඩංගුවට පත්ව ඇත.
ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සඳහා බෝම්බකරුවන් දෙදෙනෙක් පැමිණ ඇති අතර ඉන් එක් ත්‍රස්තවාදියෙක් වන්නේ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ය. ඔහුගේ බිරිද සහ දියණිය සයින්දමරදු හිදී පුපුරුවා ගනු ලැබූ නිවසේ සිට ආරක්ෂක අංශ විසින් බේරා ගත් අතර මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබයි.
සහරාන්ගේ පියා සහ සහෝදරයින් දෙදෙනා සයින්දමරදු හි නිවසේ තුලවූ පිපිරීමෙන් මිය යන්නට ඇති බව කියැවේ.
ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි අනෙකාවූයේ කුළු බඩු ව්‍යාපාරිකයාගේ පුතෙකු වන මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ය. දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ නිවසක සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ෆාතිමා ඉල්හාම් නමැති ඔහුගේ බිරිඳ බවට හඳුනාගෙන ඇත.
ඉල්හාම් හා ඉන්ෂාම් දෙදෙනාගේ පියා වන කුලුබඩු ව්‍යාපාරික යුසුෆ් ඊබ්‍රාහිම් සහ සහෝදරයින් දෙදෙනෙක් මේ වන විට අත්අඩංගුවේ පසුවේ.
මඩකලපුව සියොන් දේවස්ථානය වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරු මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද්ය. ඔහු වාලච්චේන ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහුගේ මව පොලිස් ප්‍රශ්න කිරීමට ලක්විය.
දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය තුල බෝම්බය පුපුරුවාගෙන මියගිය බෝම්බකරු වන්නේ අබ්දුල් ලතීෆ් ජමිල් මොහොමඩ් වන අතර ඔහුගේ සොයුරිය ප්‍රශ්න කිරීමට ලක්විය.
ඉදිරියේදී මේ අයගේ දේපල සහ බැංකු ගිණුම් රාජ සන්තක කිරීමේ නෛතික කටයුතු සිදුවන බවද පොලිසිය දන්වා සිටියේය.