ඉබියතුරු දැමූ වෙළඳසැලක් ඇතුළේ සැඟව සිටියදී ඔවුන් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සම්බන්ධ කරන විමර්ශනයේදී මේ වනවිට වැදගත් තොරතුරු රැසක් හමුව තිබේ.
මෙම වෙළෙඳ සැල පාවහන් වෙළෙඳ සැලක්වූ අතර
එහි දෙවන මහලේ සපත්තු මහන මැෂිමක් තුළ සඟවා තිබූ හාර්ඩ් ඩිස්ක් එකක් පිළිබඳ පොලිසිය සිදුකළ විමර්ශනයේදී ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ
සහරාන් හෂීම්ගේ දේශන, මරාගෙන මැරෙන බෝම්බ සැකසීම, යුධ උපකරණ සැකසීම, අයි එස් නායකයින් සිදුකරන දේශන, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්
පුහුණු කිරීමේ දේශන, මෙරට විහාරස්ථානවල ඡායාරූප, බෞද්ධ ලියවිලි ඉස්ලාම් සංවිධානවල නියෝජිතයින් සිටින ඡායාරූප රැසක්ම ඇතුළත්ව තිබේ.
එම වෙළෙඳ සැලේ සැඟව සිටි මොහොමඩ් සාදික් අබ්දුල්හක් සහ මොහොමඞ් ශාහිඩ් අබ්දුල්හක් එකම පවුලේ සොහොයුරන් වන අතර මොවුන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීමේ සිද්ධියේ
සැකකරුවන් දෙදෙනෙකු ද වනවා.
බාල සොහොයුරා වන මොහොමඩ් ශාහිඩ් අබ්දුල්හක් දින 58 ක කාලයක් සිරියාවේ යුද පුහුණුවක් ලබාඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇත.
දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම තවදුරටත් සිදුවේ.