හැත්තෑ හැවිරිදි අන්ධ සීයාගේ බැංකු ඒ.ටී.එම්. කාඩ්පත සොරකම් කර බැංකුවේ තිබූ රුපියල් 85,000ක් සොරකම් කළ 14 හැවිරිදි මිනිබිරියක හා ඇයගේ 19 හැවිරිදි පෙම්වතා ඉකුත් 15 දා අත්අඩංගුවට ගන්නා
ලදැයි හිගුරක්ගොඩ පොලිසිය පවසයි.
හැත්තෑ හැවිරිදි පුද්ගලයාගේ පුතෙකු යුද හමුදාවේ සේවය කරමින් සිටියදී මියගොස් ඇති අතර ඔහුගේ වැටුප තම පියාගේ බැංකු ගිණුම වෙත එවා ඇත.

ඉකුත් අප්‍රේල් 28,29 දෙදින සොරකම් කළ ඒ.ටී.එම්. කාඩිපතින් දැරියගේ
පෙම්වතා මුදල් ලබාගෙන ඇති අතර ලබාගත් මුදලින් රුපියල් 35,000ක් දැරියට ලබාදී ඉතිරිය පෙම්වතා ලඟ තබාගෙන ඇත. මෙම
සිද්ධිය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ බී.ඕ.පී. 317 ක කල්පොත පදිංචි දැරියක හා තරුණයෙකි.

(හිඟුරක්ගොඩ - සුනිමල් හේවගේ)