පෙරේදා (29)
මියගිය අය ඔහුගේ මල්ලී සමග පෙරේදා (29) රාත්‍රී දුම්රිය මාර්ගයට වී සිටින අවස්ථාවේ බදුල්ල බලා යන තැපැල් දුමිරියේ ගැටී අයියා මරණයට පත්වී ඇතැයි ද මල්ලි දුම්රිය මාර්ගයෙන් ඉවතට පනින අවස්ථාවේ ඔහුගේ අතක් දුමිරියේ වැදී තුවාල ලබා ඇතැයි ද හෙළිවී ඇත.
දුම්රිය එන බව ඇසුණු මියගිය අය ඒ බව මල්ලීට කියා ඇති අතර ඒ අනුව මල්ලී දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන ඇතත් අයියා මාර්ගයත් ඉවතට පැන ගැනීමට හැකිවී නැතැයි පරික්ෂණයේදී හෙළිවී ඇත. මරණ පරීක්ෂණය ඊයේ (30) සවස වතුපිටිවල මූලික රෝහලදි බෙම්මුල්ල කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිරියේ පැවැත්විමට නියමිතව තිබිණි.