රටේ උද්ගතව තිබෙන අනාරක්ෂිත තත්වය සැලකිල්ලට ගෙන කැලණිය සරසවි භූමියේ සීසීටීවී කැමරා පද්ධතියක් සවි කිරීමට පාලනාධිකාරිය ලබාගත් තීරණයට විරුද්ධවී සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක් ඇති කළ කලහකාරී විරෝධයෙන් පසු

කැළණිය විශ්ව විද්‍යාලයේ
වෛද්‍ය පීඨය හැර සෙසු පීඨයන් දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම සීසීටීවී පද්ධතිය සවි කිරීම මීට දිගු කලකට ඉහත සිට උත්සාහ කර තිබූ නමුත් විවිධ අවස්තාවල මෙම සිසුන්ගේ විරෝධය නිසා අත්හැර දමා තිබුනි.
නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙම ක්‍රියාමාර්ගයට පාලනාධිකාරිය නැවත කටයුතු කරද්දී මින් ඉහත විරෝධය දැක්වූ කණ්ඩායම් කිහිපයක්ම ඊට සහය පළකර තිබුනේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු දැඩිව දැනුණ බැවිනි.
නමුත් ආරක්ෂක සැලැස්මට සුළුතර සිසුන් පිරිසක් සහාය නොදැක්වීම හේතුවෙන් කලබල ඇති කර තිබේ.
ඒ අනුව අද පෙ.ව. 10.00 සිට විශ්වවිද්‍යාලය වසා දමා  ඇත.
හැකි ඉක්මනින්නම සිසුන්ට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසත් පාලනාධිකාරිය දන්වා තිබේ.
සති අන්තයේ පවත්වන දේශන නියමිත පරිදි (බාහිර උපාධි/පශ්චාත් උපාධි) පවත්වන බව විශ්වවිද්‍යාලය පවසයි.