මෙම උත්සවය ඉහළ උත්සවශ්‍රීයෙන් ෂැංග්‍රිලා හෝටලයේ පවත්වන්නට දින යොදාගෙන තිබුණත් බෝම්බ පිපුරුමත් සමග හෝටලය වසා දැමීම නිසා එම ස්ථානයේ විවාහ උත්සවය අවලංගු කර තිබුණි. එසේම එහි උත්සවශ්‍රීය මහින්දගේ චිචී මංගල්ලය මෙන් රටම කතාවෙන එකක් කරන්නට බැරිව ගියේ
රටේ විශාල පිරිසක් මියගොස් ඛේදනීය
ආරාධනා පත්‍ර ලබාදී තිබුණේ කලින් සකස් කළ ආරාධනා පත්‍රයේ තිබූ ෂැංග්‍රිලා යන්න කපා හැර එතැන හිල්ටන් යන්න ලියමිනි.
ආරාධනා පත්‍ර යැවීමේදී කිසිදු දේශපාලනඥයෙක්ට එම ආරාධනා පත්‍ර නොයැවීමට මෛත්‍රී ඇතුළු පවුලේ අය
තීරණය කර තිබූ අතර මේ ආරාධනා පත් තමන් දන්නා හඳුනන අයට ලැබීමෙන් පසු දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා තමාට ඒවා ලබානොදුන් හේතුවද විමසා තිබූ බවක් වාර්තා විය.
මෙම මංගල්‍යයට අඩුතරමින් මහින්ද හෝ රනිල්ටද ආරාධනා ලැබී තිබුනේ නැත.
ආරාධනා කර තිබුණ සියලු දෙනාම හෝටලය තුළට ගත්තේ දැඩි පරීක්ෂා කිරීම්වලින් පසුවය.
කිසිම අයෙකුට ජංගම දුරකතන ශාලාව තුළට රැගෙනයාමට අවසර දුන්නේ නැත. ඒ නිසා වෙනදාට මඟුල් ගෙවල්වලදී ගන්නා
මංගල උත්සවයේ පෝරුවේ චාරිත්‍ර සිදුකිරීමට තිබුණේ උදෑසන නවයයි තිස් පහටය. පෝරුවේ චාරිත්‍ර අවසන්වූ වහාම මෛත්‍රී එතැන රැඳී සිටියේ නැත. එතැනින් පිටතට පැමිණි ඔහු ගියේ තවත් විවාහයක සාක්ෂිකරුවෙක් ලෙස අත්සන් කිරීමටය. ඉන් පසුව කවුරුත් පුදුම කරමින් රදගුරුවරුන්ගේ සමුළුව පැවැත්වීමට තිබූ බොරැල්ලට ජනපති ගොස් තිබූ අතර මේ වෙලාවේත් පුතාගේ මංගල උත්සවය දැඩි ආරක්ෂක රැකවල් මැද හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙමින් තිබුණි.
මේ නිසා මාර්ග තදබදයක් ඇතිවූ බවට පසුව මාධ්‍ය වාර්තා පළව තිබුණි.
දහම් විවාහ වූයේ එල්කාඩෝ සමූහ ව්‍යාපාරයේ හිමිකරුගේ දියණිය සමගිනි. දහම් විදෙස්ගතව අධයාපනය ලබද්දී ඇතිවූ පෙම්සබඳතාවක් මෙලෙස ඵලදරා තිබුණි.
පෙර ගොසිප්ලංකා ලිපිය
දහම් බඳින්න යන නිපුණි කවුද? click HERE