පසුගියදා බෝම්බ ප්‍රහාර නිසා හානියට පත් පල්ලි නැවත පිලිසකර කිරීමට
කොළඹ අගරදගුරු තුමන් විසින් අරමුදලක් ආරම්භ කර තිබේ.

එයට අදාළ බැංකු විස්තර ප්‍රසිද්ධ කර තිබෙන අතර මේ කාරනාව සඳහා වෙනත කිසිදු නියෝජිතයෙකු නැති බවත් වෙනත් අයට මුදල් ලබාදීම සිදු නොකරන ලෙසත් දන්වා ඇත.
මේ අතර මෙම අරමුදල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලියන 2 ක ධන පරිත්‍යාග සිදු කිරීමට අද තීරණය කර තිබූ බවද වාර්තා විය.