අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට අපහාස වන ආකාරයෙන් බැණ වැදුණු විඩියෝවක් Facebook හරහා ප‍්‍රචාරය කිරිම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකපිට
අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහෙන්ද‍්‍රරාජා මහතා ඊයේ (21) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කටුනේරිය ප‍්‍රදේශයේ පදිංචි වජිර දිසානායක නැමති රූපලාවන්‍ය ශිල්පියෙක්.

පසුගියදා සිදුවුණ බෝම්බ ප‍්‍රහාරයට පසුව කාදිනල් හිමිපාණන් කටයුතු කල ආකාරය විවේචනය කරමින් ඉතා පහත් ආකාරයෙන් බැණ වැදිම හා එය විඩියෝ ගත කර සමාජ මාධ්‍යයට එක්කර දිවයිනේ ප‍්‍රධානතම ආගමික නායකයෙක්ට අපහාසයක් කිරිම සම්බන්ධයෙන් කටුනේරිය ප්‍රදේශයේම අයෙක් මාරවිල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කල විමර්ශනයක් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගත් බව මාරවිල පොලීසිය පැවසුවා.

මාරවිල මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක එස්. පි. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.