සියලු ප්‍රහාර වලින් මියගිය චීන ජාතිකයින් ගණන 6 ක් වන අතර මෙම 4 දෙනා කිංග්ස්බරි හෝටලයේ මියගිය අයයි. SCSIO නමින් හැඳින්වෙන දකුණු චීන සාමුද්‍රික විද්‍යා ඇකඩමියේ
විද්‍යාඥයන් සිවුදෙනකු වන මොවුන්ගෙන් තිදෙනෙකුම ආචාර්ය උපාධිධාරීන්ය.
වයස 38,35,32 හා 28 පසුවූ ඒ අය ගැන විස්තර මෙසේය.
Dr Jian LI (Born:1981, Male) from South China Sea Institute of Oceanology;
Dr. Wenliang PAN (Born:1984, Male) from South China Sea Institute of Oceanology;
Dr Dawei LI (Born:1987, Male) from the First Institute of Oceanography;
Mr. Liwei WANG (Born:1991, Male) from the First Institute of Oceanography; Volunteer group leader of CLIVAR Open Science Conference and Early Career Scientist Symposium in 2016.
චීන ජාතිකයන් සිවුදෙනා මින් ඉහත අතුරුදන් බවට සිතා සිටියත් ඩීඑන්ඒ සාක්ෂි තහවුරුවිමෙන් පසු ඔවුනගේ මළ සිරුරු හඳුනාගත් බව ද තානාපති කාර්යාලය දන්වා ඇත.
වාර්තාවන ආකාරයට ඔවුන්ගේ සිරුරු හඳුනාගන්නට අපහසු තරමට විනාශවීම නිසා තහවුරු කිරීම මෙලෙස කල්ගතවිය.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් චීන විද්‍යා ඇකඩමියේ තවත් සාමාජිකයන් පස් දෙනකු තුවාල ලැබූ බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් චීනයට යැවූ බවත් තානාපති කාර්යාලය දන්වා ඇත.