
ජනාධිපති ලේකම්වරයා ඊයේ පෙරවරුවේ කළ ඉල්ලීමට අනුව ඊයේ පස්වරුව වන විට ''කේ''ශාඛාවෙන් අදාළ රහස් වර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇතැයිද දැන ගන්නට තිබේ.
ජනාධිපති ලේකම්වරයාගේ
අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු වීම හේතුවෙන් උන්වහන්සේ වසර 19 ක සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම වුයේ 2018 අගෝස්තු 8 වැනිදාය. උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ උපස්ථායක හිමි රාජකාරිය මේ වන විට යොදවා ලැබ සිටිති.
මෙම වාර්තාව සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමේදී එම නිලධාරියා මේ ගැන කිසිවක් අමාත්‍යාංශය නොදන්නා බව කියා සිටියේය.