තමන් තවදුරටන් ඇමෙරිකානු පුරවැසියකු නොවන බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය
රාජපක්ෂ මහතා පෙරේදා (20)
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා එසේ සඳහන් කළේය. එහිදී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
"මම තවදුරටත් ඇමෙරිකානු පුරවැසියෙක් නොවෙයි. දැන් ඉඳන් මමෙ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් පමණයි. මම තවදුරටත් ද්විත්ව පුරවැසියෙක් නොවෙයි . මේ අතර තමන් ස්ථිර වශයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව රෝයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා (26) පවසා තිබුණි.