රජය මගින් ගැසට් මගින් මුහුණු ආවරණ වැසුම් තහනම් කර තිබෙන පසුබිමන් තුළ ඉකුත් අප්‍රේල් මාසයෙ අවසන් සතියෙහි හෝමාගම රෝහලට
නිකාබය පැළඳ සේවයට වාර්තා කර බාහිර ප‍්‍රතිකාර ඒකකයේ ඇය සේවය කරමින් සිටි බව පැවසෙන අතර එම අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පළ කර තිබුණි.
එම අවස්ථාවේ රෝගීන්ද එයට විරෝධය පළ කර බලධාරීන්ට දන්වා ඇති බව වාර්තා විය.
මුලින්ම ඇයට රෝගීන් විරුද්ධවූ අවස්ථාවේ වෛද්‍යවරිය මෙන්ම ඇයගේ පියාද කාර්යාලයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව වෛද්‍ය අධිකාරීවරයා දන්වා ඇත පසුව වෛද්‍යවරිය පියා සමග ඒ ගැන තර්ක කර ඇති බවද වාර්තා වන අතර පසුව රෝහලෙන් පිටව ගොස් ඇත.
එම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව මැයි මස 02 දින දක්වා රාජකාරියට වාර්තා කර නොමැති ඇය එදින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී ඇත.
පසුව අදාල වෛද්‍යවරිය සිය වෘත්තීයෙන් ඉල්ලා අස්වීම දන්වමින් හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ. හෙට්ටිආරච්චි මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
‘එවැනි සිදුවීමක් අප රෝහලේ සිදුව තිබෙනවා.එම සිදුවීමෙන් පසු ඇය තවමත් සේවයට වාර්තා කර නැහැ. පසුව ඇයට සිය වෘත්තියෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසා අප වෙත ලිපියක් ලබා දී තිබෙනවා නමුත් තවම ඇයගේ ඉල්ලා අස්වීම පිළිගත් බවට බළධාරීන් අප වෙත දන්වා නැහැ‘වෛද්‍ය අධිකාරීවරයා දන්වා ඇත.