ඇමතුමකට ක්‍රියාත්මක වූ උපකුලපතිවරයා වහා ආරක්ෂක අංශ කැදවා අවශ්‍ය පියවර ගත් අතර සෝදිසි වලදී කිසිදු සැකකටයුතු දෙයක් හමුව නැත.
ඒ අනුව මෙම ඇමතුම ව්‍යාජ ලෙස ලබාදෙන ලද්දක් බව ඒත්තු ගොස් තිබේ.
කෙසේ වෙතත් ඇමතුම ව්‍යාජ එකක් බව තහවුරුවීමෙන් පසු උපකුලපතිවරයාට ඇමතුම දුන්නේ කවුදැයි සොයා බලන්නට අදාල දුරකථන අංකය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර අධිකරණ අවසරයෙන් ග්‍රාහක සමාගම් උදව්වෙන් සිදු කර තිබුණි.
සැකකාර ඇමතුම දුන්නේ සරසවියේම සිසුවකු බවත් ඔහු වෛද්‍ය පීඨයේ අවසන් වසරේ අයෙකු බවත් හඳුනාගන්නට ලැබී තිබේ.
සරසවිය ආසන්න ස්තානයකම රැඳි සිටි ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී දැනගන්නට ලැබී ඇත්තේ ඉදිරි සතියේ පවත්වන විභාගයකට තමා සූදානම් නැති බැවින් එය කල්දමාගැනීමට මෙම බොරුව ගෙතූ බවයි.
සිසුවා අධිකරණයට යොමු කිරීමට නියමිතය. ව්‍යාජ ඇමතුම් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බව පොලිසිය දන්වා ඇත.