රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ අය සැඟව සිටි කාත්තන්කුඩි ආරක්ෂක නිවස සොයා ගනු ලැබු බව වාර්තාවේ.
එය භාරව කටයුතු කළ ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගනු ලැබූ අතර
පසුගිය 26 වනදා සයින්දමරුදු බොලිවේරියන් ගම්මානයේ දී බොම්බ පුපුරුවාගනිමින් මියගිය සහරාන්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් ඩ්‍රෝන කැමරාවක් යොදා ගනිමින් අවට ප්‍රදේශය රූගත කළ බවත් වාර්තා විය.රූගත කළ දර්ශන බුද්ධි අංශ නිලධාරීන්ට හමුව තිබෙයි.
ඔහු එම පටිගත කිරීම් සිදුව ඇත්තේ මෙම නිවසේ රැදී සිටිමින් බවද කරුනු හෙලි විය.
අත්අඩංගුවට ගත් සැකකරු ජාතික තවුහිද් ජමාත් සංවිධානය නුවරඑළිය ප්‍රදේශයේ පැවැත්වූ පුහුණු පාඨමාලාවකට ද සහභාගී වී ඇති අතර විසි දෙනෙකු පමණ ඊට එක්ව සිටි බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙයි.