පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සමගින් ඉදිරියේදී එවැනි ප්‍රහාරයක් ඇති වීම වැළක්වීමේ අරමුණින්
බණ්ඩාරනායක ජාත්‍යන්තර
ගුවන්තොටුපළේ ආරක්ෂාව තහවුරු කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. එහි පියවරක් ලෙස මගී ගමන් මලු හා භාණ්ඩ පරීක්‍ෂා කිරීමට නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ මිලදී ගෙන ස්ථාපිත කිරීමට සුදානම් වෙයි.

  ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග  මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.