මඩාටුගම ජුම්මා පල්ලියේ ප්‍රධාන සභාපති එම්.එච්.එම්. අම්බර් ඛාන් මහතා කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ට පුස්තකාලයක් ඉදිකිරීම සදහා
ඉඩම් කැබැල්ලක් වෙන් කොට තිබියදී විදේශීය රටක සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදිකළ බවය.
වර්තමානයේ රටේ පවතින
මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළුගෙඩි උපයෝගී කරගෙන පල්ලියේ කොටස් කඩා බිඳ දමන ආකාරය ද අරාබි අකුරුවලින් ලියවී තිබූ ඵලකය ද කඩා දමා ඇති ආකාරය ද දැක ගැනීමට හැකිවිය. මෙම පල්ලිය ඉදිකිරීම සදහා විදේශීය රටවලින් මුදල් ලැබී තිබෙන බවත් අරාබි අක්ෂරවලින් මුදල් වියදම් කළ අයගේ තාම ලේඛනය. ඵලකයක සටහන් අරාබී අඩු කොට තිබෙන බව ද ඔවුන් ඒ අක්ෂර නොදන්නා බව ද ප්‍රදේශවාසීහු පැවැසූහ.
මඩාටුගම ප්‍රදේශවාසියකු වූ මොහොමඩ් අමීන් මහතා කියා සිටියේ මේ කඩා දමිත පල්ලියට නමක් නොතිබු බවත් මුස්ලිම් පල්ලිය නමින් හැඳින්වූ බව ද තවුහිත් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බවය. ප්‍රධාන පල්ලියට පැමිණ ඕනෑම අයකුට වැඳුම් පිදුම් කළ හැකි බව ද සඳහන් කළේය.
මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ ප්‍රදේශයේ සිංහල ජනතාව සමග කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ තමන්ට පවතින තත්වය නිසා දැඩි. හානිදායක තත්වයකට මුහුණ පෑමට සිදුවී තිබෙන බවය. ඒ නිසා තම ගමමානයේ සියලු දෙනාගේම කැමැත්ත මත මෙම් පල්ලිය කඩා දැමීමට තීරණය කළ බව ද ඔවුහු පැවැසුහ.
(දඹුල්ල . කාංචන කුමාර ආරියදාස)