සැකකටයුතු පිරිසක් සුදු පැහැති සුඛෝපබෝගී මෝටර් රථයකින් පිළියන්දල දම්පේ ප්රදේශයේ සැරිසරන බවට
පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.
ඒ අනුව පසුගිය 23වනදා අලුයම එම මෝටර් රථය සමඟ එහි සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඔවුන් සතුව තිබී විදේශීය රටක නිශ්පාදිත ගිනි අවියක්,
අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් පසුගිය ජනවාරි මාසයේ පිළියන්දල ප්රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ ප්රධාන සැකකරුවන් දෙදෙනෙක් වන බවට තොරතුරු අනාවරණ වී ඇත.
ඝාතනය සිදු කිරීමෙන් පසු විදෙස්ගතව සැඟව සිටි අදාල සැකකරුවන් දෙදෙනා දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය සදහන් කළේය.
පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් කොන්ත්රාත් පදනම මත පුද්ගල ඝාතන සිදු කිරීමේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් බවට පොලිස් මූලික පරීක්ෂණ වලින් අනාවරණ වී ඇති බවයි.
එමෙන්ම සැකකරුවන් රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ සහයකයින් වන බවට තොරතුරු අනාවරණ වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් මාතර, වැලිගම, පෑලියගොඩ කැළණිය යන ප්රදේශවල පදිංචිකරුවන්ය.
එමෙන්ම මෙම සැකකරුවන් අතර හිටපු යුධ හමුදා නිලධාරියෙක් සිටින බව වාර්තා වෙයි.
පිළියන්දල පොලීසිය පැවසුවේ ඔවුන් පුද්ගල ඝාතනයක් සිදු කිරීමට දම්පේ ප්රදේශයට පැමිණෙන්නට ඇති බවට සැක පලකරන බවයි.
සැකකරුවන් ලබන සඳුදා දින කැස්බෑව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.