කෙසේ වෙතත් පාසල් සිසුන්ට බියක් ඇති වන පරිදි
බෝම්බ මාලාවෙන් සති 3 කට පසු රටේ ඇඳිරි නීතිය ඇතිවන පරිදි කලකෝලහල නිර්මාණය කළැයි විපක්ෂයට චෝදනාද පැවති අතර අධ්‍යාපන ඇමතිවරයා දන්වා තිබුනේ හැකිතරම් පාසල් කටයුතු පමාකර රට අස්ථාවර කර දේශපාලන වාසි ගන්න විපක්ෂය කටයුතු කර ඇති බවයි.
ඇඳිරි නීතිය කඩින් කඩ පනවන අතරේ පාසල් එන්න යයි අධ්‍යාපන ඇමති දන්වා සිටියද පාසල්වල පැමිණීම පසුගිය දිනවල දුර්වල වූ අවස්ථාවේ විපක්ෂ නායක මහින්ද වරක් කියා තිබුනේ සිලබස් කවර් කරන එක නෙමේ අත්‍යවශ්‍ය ළමයින්ට බය නැති කරන වාතාවරණය හදන එක ලෙසිනි.
මේ අතර වෙසක් නිවාඩුවෙන් පසු ඊයේ වනවිට පාසල් වල පැමිණීම සියයට 90 ක් පමණ ඉහළ ගොස් තිබූ අතර කොළඹ පාසල්වලට මහින්ද ගමන් කළ අවස්ථාවේ කැමරා මධ්යව්දියෙකු විමසා තිබුනේ,
සර් ආණ්ඩුවක් කරන්න ඕන දේවල් නේද විපක්ෂයක් විදියට කරන්නේ? ලෙසිනි.
ඊට මහින්දගේ පිළිතුර වූයේ,
‘නෑ ඉතිං අපි කළ යුතුයිනේ..අද තිබෙන තත්වයේදී අපට ආණ්ඩුවෙද විපක්ෂයේද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ මේ රට ජනතාව භය කරලා තියන එක තුරන් කරන්න ඕන.ජනතාවගෙන්.. දරුවන්ට හැමදාම ඉස්කෝලෙ යන්නැතිව ඉන්න බෑ..කන්තෝරු යන්නැතිව බෑ.. ආර්ථිකයට විශාල පාඩුවක් වෙනවා‘