පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්වී ඇති බවට මුහුණු පොත ඔස්සේ අසත්‍ය ප‍්‍රචාරයක් කළ විශ්වවිද්‍යාල සිසුවකු
ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (15 දා) නියෝග කළා.
සංඛ ප‍්‍රමෝද් ආරියවංශ නමැති පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට
මෙය ඉතා සංයමයෙන් කටයුතු කළ යුතු කාලයක් මිස විහිළු තහළු කිරීමට කාලයක් නොවන බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළා.