මාතර වෙරලට ගොඩ ගැසූ නාදුනන මළසිරුරක් අළුයම් කාලයේ ප්‍රදේශවාසීන් දැක පොලිසියට දන්වා
තිබෙනවා.  අළුයම කාළයේ මෙම මළ සිරුර වතුරේ ගසා පැමින ඇතත් ප්‍රදේශවාසීන් එය හදුනාගෙන
නොමැත. පසුව එය වෙරළට ගොඩ ගසා තිබේ.

මෙම මළ සිරුර
ඊයේ දිවා කාළය වනතෙක් හදුනාගෙන නොමැති අතර මෙම මළ සිරුර වසය අවුරුදු හැටක
පමණ පුද්ගලයෙක්. මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේනගේ
උපදෙස් මත මෙම සිරුරගැන පරික්ෂණ සිදුකරයි.

සැකකටයුතු ලෙස මියගොස් ඇති මෙම පුද්ගලයාගේ සිරුර මාතර මහ රෝහලේ මතෘශරීරාගාරයේ තැන්පත්
කර ඇත. මරණය පිලිබඳ පොලිසිය පරික්ෂණ සිදුකරන අතර සිරුර හදුනාගැනීමට පොලිසිය මහජන සහය පතයි.

උදය කුමාර රණවීර