බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ,
ඊයේ පස්වරුවේ රැස්වූ බෞද්ධ කටයුතු උපදේශක සභාවේදී මෙම තීරණයට එළැඹි බවයි.
දිවයින පුරා විහාරස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේදී මෙවර වෙසක් ජාතික උත්සවය පැවැත්වෙන අතර දින 05ක් පුරා පැවැත්විමට නියමිතව තිබූ ජාතික වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරිමට රජය තීරණ කළ බව ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා පවසා තිබුණි.
ඔහු පවසන්නේ මෙවර ජාතික වෙසක් උත්සවයද ඉතා චාම්ව පැවැත්විමට රජය තීරණය කර ඇති බවයි.