පකිස්තානයේ දකුණු දිග සින්ද්ස් පලාතේ පිහිටි වසායෝ නමැති ගමක වෛද්‍යවරයෙකුගේ නොසැලකිල්ල
නිසා බාල වැඩිහිටි 500 කට වැඩි පිරිසකට ඒඩ්ස් රෝගය බෝවීමේ පුවතක් වාර්තාවේ.

මෙම වෛද්‍යවරයා සෞඛ්‍ය ආර්ක්ෂණය නොසලකා එකම අපිරිසිඳු සිරිංජයකින් රෝගීන් වෙත බෙහෙත් විදීම නිසා මෙම රෝගය ව්‍යාප්තව ඇති බවට හඳුනාගෙන ඇත.
makeshift clinic නමැති මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට සුළු රෝග තත්වයන්ට ප්‍රතිකාර පිනිස  පැමිණි වයස 5 දරුවන්ට පවා ටික දිනකින් ඒඩ්ස් සෑදී ඇති බවට තොරතුරු වාර්තාවීමෙන් පසු එරට රජයේ බලධාරීන් ඒ ගැන සොයා බැලීමේදී අඩු පහසුකම් නිසා එකම සිරිංජයකින් බෙහෙත් විදින වෛද්‍යවරයා ගැන සැක පහළවී ඔහුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කර තිබේ.