පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වර්ණවාහිනියේ සජීවී වැඩසටහනකට එක්වෙමින් සිටි අවස්තාවේ කල්මුනේ නිවසක ප්‍රහාර මාලාවක් දියත්ව යද්දී ඒ ගැන වැරදි තොරතුරු සමාජ ගත කරමින්
මහජන කැළඹීමක් ඇති කරවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තාවේ.
ඔහු කල්මුනේදී රණවිරුවන් 11 ක් මියගිය බව තහවුරු කර කියා සිටියේ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා හමුවේ ප්‍රවෘත්තියේ වගකීමද තමා භාරගන්නා බවට සපථ කරමිනි.
නමුත් පොලිසිය විශේෂ නිවේදනද ලබාදෙමින් කියා සිටියේ කල්මුනේදී ආරක්ෂක අංහ කිසිවෙකු මියගියේ නැති බවයි.
පියල් නිශාන්ත කළ බරපතල ප්‍රකාශයට අදාළව ඇමති මංගල සමරවීර පසුදින පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණි.