කුරුණෑගල, මල්ලවපිටිය ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය 29 දින සිදුකළ හදිසි සෝදිසියකදී සැකපිට අත්අඩංගුවට ගත් මුස්ලිම් ආගමික මවුලවිවරයකුගේ ජංගම දුරකථනයේ තිබී සැකකාර මවුලවිවරයා පොලිස් නිල ඇඳුමකින්
සැරසී සිටින ඡායාරූපයක්
හමුවූ බව කුරුණෑගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා පැවසීය. සැකකාර මවුලවිවරයා, 27 හැවිරිදි මහනුවර අංකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එසේම සැකකාර මවුලවිවරයා සතුව තිබූ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදි පසුගිය පාස්කු ඉරිදා දින මීගමුව කටුවාපිටිය කතෝලික දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසුව තුවාල ලැබූවන් විලාප දෙමින් හඬාවැටෙන වීඩියෝ දර්ශනද නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට ප්‍රහාර එල්ල කරන අයුරු වීඩියෝ දර්ශනද තිබී සොයාගත් බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

සැකකාර මවුලවිවරයා තාවකාලිකව මල්ලවපිටිය සිරිකුලම්වත්ත ප්‍රදේශයේ ළමා ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවද, ඔහුගෙන් ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයේම නිවසක තිබී හමුදා නිල ඇඳුමට සමාන නිල ඇදුම් තොගයක් සොයාගැනීමට හැකිව තිබේ.

රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට අයත් එක්තරා ආයතනයක උපදේශකයකු සහ භාෂා පර්වතකවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, එම අමාත්‍යාංශයේ ආරක්ෂවට යොදවා සිටි පොලිස් නිලධාරියකුගේ නිල ඇඳුමක් හැඳ ඡායාරූපයක් ගත් බවද සැකකරු පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත.