සිය ගණනකට දිවි අහිමි කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් අඩුවී තිබියදී 1 දා රුසියානු සංචාරකයන් 52කින් සමන්විත පිරිසක් මොස්කව් නුවරින්
කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූහ.
රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ. 6265 දරන ගුවන් යානයෙන් ඊයේ උදෑසන 8.20ට කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණ තිබේ.

මෙහිදී අදහස් දැක්වූ එම සංචාරකයන් කියා සිටියේ වර්තමාන ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබදව රුසියාවටද තොරතුරු වාර්තා වුවත් තමන් නොබියව සැලසුම් කර තිබූ සංචාරය සඳහා මෙරටට පැමිණි බවයි. මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 12ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර ඔවුන් වැලිගම, හික්කඩුව, බෙන්තොට ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය.

-ටී.කේ.ජී.කපිල-