ඊයේ 29 වන දින සවස  කොහුවල පොලිස් වසමේ අංක 41 ශ්‍රී සරණංකර පාර කළුබෝවිල, දෙහිවල ලිපිනයේ
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා
නිවාසයක් පොලිසිය මගින් වටළා තිබේ.
එවැන්නක් පවත්වාගෙන යන බවට කොහුවල පොලිසියේ නිලධාරීන්ට ලද
තොරතුරක් මත වැටලීම සිදුකර තිබූ අතර ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක්
සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදෙමින් සිටි එක් සැකකරියක්ද ගණිකා වෘත්තියේ යෙදී සිටීමේ අදහසින් රැදීසිටි සැකකාරියන් 04 ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු.23, 33,34,36,37,46 ක් වූඅම්පාර, ගාල්ල, පැන්ගහතැන්න, දොඹගම්මන, වැලිගම, මුහේන ප්‍රදේශවල පදිංචිකාරියක් වේ.
ඔවුන් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.