ඔහු මෙසේ ශාපකරගත්තේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති මාදුලුවාවේ සෝභිත හිමිගේ 77 වන ජන්ම දින උත්සවයට සහභාහි වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේද පැවසීය.
''මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරාගැනීමට අපට හේතු ලෙස චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය අපට පෙන්වා දුන්නේ ඔහු දූෂිතයෙක් නොවීමත්, ජාතිවාදියෙක් නොවීමත්, අත්දැකීම් ඇති අවංක පුද්ගලයෙක් වීමත් යන කරුණුය. එහෙත් ඒ සියල්ල සාවද්‍ය බව අද රටම දන්නවා.
ගුවන්යානා පුරෝගෙන මහජන මුදල් නාස්ති කරමින් රට සිරි යන බවට අප මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා කළා. එහෙත් අද වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා හැම වැඩකින්ම මහින්ද රාජපක්ෂව පරදවා ඇති බව ඔප්පුකර හමාරයි. මහින්ද රාජපක්ෂ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ නිසා ව්‍යවස්ථා සභාවක අවශ්‍යතාවය මතු වුණා. සිරිසේන මහතා තමන්ට අවශ්‍ය ලෙස විනිසුරුවන් පත් කර ගැනීමට නොහැකි වූ නිසා ව්‍යවස්ථා සභාවේ අවජාතකක දරුවෙක් ලෙස ගබ්සාවට ලක් කළා.
මේ සෑම දේකින්ම විෂධ කළේ විධායක බලයෙන් රටට විනාශයක් නොවේද? ජනතාව එක් පුද්ගලයෙකු මත විශ්වාසය තබා බලයට ගෙනාවත් ඔහු බලයට පත්වූ පසු කල්පනා කරන්නේ තමන්මගේ දරුවන්ට හා පරම්පරාවට ධනවත් වීමට මාර්ගය සකස් කිරිමයි.
දරුවන්ට ප්‍රභූ ආරක්ෂාව සැපයීම කෙබදු විහිළුවක්ද? සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමට දායක වීම අප කළ වරදක් නම් ඒ වෙනුවෙන් අපට සාප වේවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා නීතිගරුක පුරවැසියන්ගේ යහපාලන බලාපොරොත්තු බිඳ දැමීමේ වරදටත් අපට සාප වේවා. මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමට රටට අවශ්‍ය වූයේ පටු අරමුණුවලින් වියුක්තව බව කා හෝ තේරුම් ගැනීමට හැකි නම් අප සෝභිත හිමි මග යමින් හෘද සාක්ශියක් ඇති පුරවැසියන්ගේ ජීවිතවලට වගකියන නීතිය මත පාලනයට කැපවන නායකයෙක් වෙනුවෙන් යළි බලාපොරොත්තු දල්වා ගනිමු. සෝභිත හිමි නාමයෙන් සිරබත් කන්නට වුව සුදානම් සාධාරණ සමාජයක් වෙනුවෙන් කැපවී කටයුතු කරන්නෙමු.